ශ්‍රී ලාංකිකයින් යනු කලගුණ දත් ජාතියකි. විටින් විට ඇතිවු පරසතුරු උවදුරු වලින් අපගේ සංස්කෘතික හර පද්දතියනට යම් බලපැමක් සිදු වුවත්, සමස්ථයක් ලෙස ලාංකිකයෝ කලගුණ හඳුනති. යම් උදහරණයක් දුනහොත්, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල අවුරුදු 20 වන විට දරුවන් දෙමාපියන් හැරයති. එහෙත් එම ආගමම අදහන ශ්‍රී ලාංකිකයා තම මහලු මව්පියන් පෝෂනය කරති. එයට හේතුව නම් "ගෙදර බුදුන් අම්මා" මෙස වදාල සම්බුදු දෙසුමෙ ආනුභාවයයි.
ඒ අනුව මම මෙ ලිපිය ලිවීමට සිතුවෙ මාගේ මුල් ලිපි වලින්ම යම් අගය කිරීමක් හෝ කලගුණ වැයිමක් මෙ වෙනුවෙන් කිරීම යහපත් බවට සිතුන නිසාවෙනි. එය කඩේ යාමක් හෝ ලකුණු දමාගැනීමෙ වැයමක් ලෙස ගරවැටුනු ජා.වි.පෙ කාරයෙක්ට සිතුනත්, අතේ පයේ හයියෙන් මහන්සි වී ජිවනය ගෙනයන මා හට එහි වැද්ගැම්මක් නැත. මා කියන්නේ කරන්නේ මට නිවැරදි කියා සිතෙන දේ මිස, එක එක ගරා වැටුන පක්ෂ වලට ඔක්සිජන් දීමට මට වුවමනවක් හෝ වෙලාවක් නැත.
ඉතා කුඩා කල සිට කොළඹ පාසල් ගිය මා විවිද ආකාරයේ කොටි ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාර වලට මුහුන දුන්නෙමි. මරදානේ ස්ටෙශම ලඟ බොම්බය පිපිරුනු අවස්ථාවේ මම එම ස්ථානය පසුකොට දුමිරියට නැගී විනාඩියක් වත් ගත නොවිනි. මෙම බෝම්බ ප්‍රහාරයෙන් අප හොඳින් දන්නා යෙහෙලියකගෙ කකුල තුවාල විය.
එවැනිවම සිද්ධියක් වුයේ මා සමහර දිනවල බැඩ්මින්ටන් ක්‍රීඩා කොට සවස් වී ගෙදර එන දුමිරිය තවත් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමයි. මාගේ පියාද දිනපතා දුමිරියෙ ගමන්ගත් අයෙකු ලෙස ඔහු ගෙදර පැමිණෙන තුරු අප බලා සිටියේ මහත්වු බියකිනි.
2002 - 2003 වසරවල් වල මුලු මහත් යුධ හමුදාවම දන ගස්සවා ක්‍රියාත්මක වුනු ඉනීයා සාමය මතක් වන විට ඇති වන්නෙ බලවත් පිලිකුළකි. බිම දනගසා හොර ගිවිසුම් අත්සන් කර ලැබු එවැනි සාමයක් හොඳයි කීමට මගේ දෙමාපියන් මා වදා නැත. එයද වෙනදා මෙන්ම කොටින්ගෙ ශක්තිමත් වීමට උපකාරී වු කාලයක් බව සියලු දෙනා දනිති.
මම ජාතිවාදියෙක් යැයි මී හරක් ජතියෙ ඉපදුනවුන් සිතිමට පෙර, මා කිසිදු ජාතියකට වෛර නොකරන්නෙක් බව පැවසිය යුතුය. එහෙත් සිංහලය, සිංහලයන් මිස වෙනත් ජතියක් සතු නොවන බව නිර්භිතව පවසමි. ඔනැම තත්වයකට මුහුන දී ලංකාව ආර්ක්ෂා කිරිමට පසුබට නොවෙමි.
තත්වය එසේ තිබියදි මහින්ද මැතිතුමා ජනාධිපතිවරනයට ආවේය. විපක්ෂ කණ්ඩායම් මොන කෙංගෙඩියක් කතා කලද රටට ආදරේ මිනිහ කවුද නැත්තේ කවිද කියා තෙරුම් ගැනීමට නොහැකි තොත්ත බබෙක් නොවෙමි. රට පවාදී, සිංහලයා දියාරු කල, ලංකවේ අගනුවර කොළඹ 7 කියා සිතා සිටින, අදුරදර්ශි, නිවට, දුර්වල තකතීරු පාලකයෙක්ට චන්දය දීමට මම අංගොඩින් බෙහෙත් අරන් නැත. එ අනුව රටටම වාසනාව ගෙනදුන් ඒ මහා ජයග්‍රහනයට හේතුවු මහින්ද විජයග්‍රහනයට එක් චන්දයකින් දයක විමි.
මැරෙන මොහොතෙදිත්, මාගෙ දරුවන් සහ අනාගත සිංහල ජාතිය වෙනුවෙන් එක් චන්දයකින් හෝ දායක වීමට ලැබීම මෙනෙහි කොට සතුටු විය හැකිය.
රට පර සුද්දන්ගෙන් ගලවාගත් පක්ෂයක් නිවැරදි නායකයෙක් නොමැතිව අයාලේ යන කාලෙක එහි සිටි ප්‍රවීනතම සහ හැකියවන්ගෙන් පිරුනු පිරිස් මහින්ද මැතිතුමාගෙ අභීත නායකත්වය හමුවේ දෙවරක් නොසිතා එකතු විය. ඔවුන් වාසි බලාගෙන ආවා කියා මම නම් නොකියන්නෙමි. කවුද කැමති මරාගෙන මැරෙන බෝම්බ කන්න. අන්න එහෙම කැප කිරිමක් කරන්න බලාගෙන ආපු අය හැටියටයි මම ඒ අයව දකින්නෙ. ( හැබැයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරල තිබුනොත් පලු යන්න බනින්න මම නොපැකිලෙමි ).
යුද්ධය දිනිමට විශාල පිරිසක් මහින්ද මැතිතුමාට සහයෝගය දුන්නත් මහින්ද මැතිතුමා ඉට දුන් නායකත්වය නොවන්නට යුද්ධය දිනීම යනු පුහු තර්කයක් පමණක් වන්නට තිබින. තවත් අවුරුදු දහසකින් ඉතිහාස පොත ලියැවෙන විට මහින්ද රාජපක්ෂ ශ්‍රී නාමය දුටුගැමුණු මහරජතුමගේ පරිච්චෙදයට පසුව ලියැවෙනු ඇත.
මේ ලිපිය එතුමා මෙරටට කරන ලද වීරොධාර ක්‍රීයාව වෙනුවෙන් උපහාරයක් වෙවා!!!
කොමිස් තහනම් කොට, දුෂනය පිටුදැක ආර්ථික යුද්ධය ජය ගැනිමටත් එතුමාට ධෛර්ය්‍ය ශක්තිය ලැබෙවා!!!
ahannath sathutui mewage sinhala kollo innawa kiyana eka gan...
ReplyDeleteekata ape samahara unta salli thamai watinama de,,,
me wage pinwantha rataka sinhalayek wela upadinna pin karala thiyenna one...
habai ada ape un ape ithihasaya dannathuwa wal math wela inne...
ekata wagakiyanna one nidahasin passe rata palanaya karapu un,,,,
Anagarika darmapala thuman kiyapu kath dan oppu wenawa aspanapitama.
ape samahara demau piyanuth wagakiyanna one...
mokada thamane daruwanta hoda addaypanayak denna hithagena internionl school walata dammath
anthimata bihi une jathiyak jammayak nathi parapurak....
eka penawa EX:upul shantha sannasgala sir ta wela thiyena dein.
(ohuta hoda English danumak nothibba nisa putawa damma jathyanthara pasalakata,,dan puthata thathatha liyapu pothakwath kiyawala therum ganna ba....)
ape jathiya .....:( ane apoi kiyanna thamai dan wela thiyenne.
9