Wednesday, May 2, 2012

ශ්‍රී ලංකාවෙ කොමිස් සොරුන් වෙත

දැනට සියලුම මට්ටම් වල ක්‍රීයාත්මක වන කොමිස් නොහොත් කොමිස් ගැහිල්ල ගැන බොහො දෙනා දැන සිටියත් පොඩි හැඳින්විමකින් මෙම ලිපිය ආරම්භ කිරිමට සිතමි. මෙම ලිපිය කිසිම දෙශපලන පසුබිමක් සහිතව ලියන ලිපියක් නොවන බවත් 1948න් පසු මෙරට පාලනය කර ඇති සියලු පක්ෂ මෙවාට සම්බන්ඳ බවත් නොවලහා පවසමි.

මෙය වු කලි අපෙ රටෙ විශේෂයෙන්ම රජය මගින් ක්‍රියත්මක කරනු ලබන ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියකට යටත්ව සමාගම් වලට ප්‍රධානය කිරිමෙදි එම ව්‍යාපෘති තමන් වෙත ලබාගැනිම වෙනුවෙන් රජයේ නිලධරින් සහ දෙශපලකයින් වෙත මුදලක් හො යම් වරප්‍රසදයක් ලබා දීමයි. මෙය බොහො විට ව්‍යාපෘතියේ මුලු වටිනාකමින් යම් ප්‍රමානයක් වශයෙන් නම් කරයි. මෙය 10% සිට 20, 30% හො සමහර විට 50, 60% ඉක්මවන අගයක්ද වෙයි.

රජයෙ නිලධරින් ( බොහො විට එකකු හො දෙදෙනකු ) විසින් මෙම මුදල අදාල පුද්ගලික ආයතනය සමග සාකච්චා කරනු ලබන අතර මෙහිදි ප්‍රසිද්ධ බලගතු දෙශපාලකයින්ගේ නම් විකුණිම සාමන්‍ය දෙයකි. එනිසා මෙය හුදු දෙශපලකයින් පිට පටවා ඇඟ බෙරාගැනිමට නොහැකිය. මෙසෙ කොමිස් මුදල් දෙමින් රජයෙ ව්‍යාපෘති කරනු ලබන ආයතන ලංකාවේ පෝසත්ම ආයතන බව කිව යුතුය.

මෙහිදී රටට සිදුවන අගතිය ගැන මෙම කොමිස් මුදල් ගෙන කා බී විනොද වන එවුන්ගෙ දැනගැනීම පිනිස කිව යුතුය.

උදාහරණයක් දෙන්නම්. යම් ව්‍යාපෘති සඳහා භාවිතා කරනු ලබන උපකරන හා උපාන්ග වල වටිනාකම රුපියල් ලක්ෂයක් කියමු. මෙය ලංකවට ගෙනෙන විට නැව් ගාස්තු තවත් රුපියල් දසදහසක් කියමු. මෙම සමාගම මෙය ලංකා රජයේ ටෙන්ඩරය වෙත දමන්නෙ රුපිය මිලියන දෙකකටය. අස්සක් මුල්ලක් නෑර අන්තර්ජලය ඇති මේ රටෙ ගූගල් සෙවුමෙන් පිටරට සමාගම් ගැන දැනගෙන උපකරණ සඳහා මිල ලබා ගැනිමටත් එවා මිලදී ගැනිමටත් බැරි ඇයි කියා ඔබ අසනු ඇත.

නමුත් එසෙ කිරිමට බැරි ඇයි? මේ සඳහා රජයේ නිලධරීන්ට පිලිතුරක් ඇත. එනම් එම ආයතන ලංකාවෙ නියොජිත සමාගම හරහා හැර වෙනත් ආකාරයකින් එවා ලබාදීම ප්‍රතික්ෂෙප කරන බවයි. මම හරිද? මෙවා වෙන මුකුත් නොව බොරු මුසාවාද බව ලෝකය ගැන හොඳින් දන්නා කෙනෙකු ලෙස මම දනිමි.

පිටරටවල සල්ලි ඇත්නම් නිත්‍යානුකූල ඔනැම දෙයක් ගැනීමට හැක. මෙවැනි මුසවාද එක්කො නිලධරීන්ගේ නොදැනුවත්කමය. එසේත් නැතිනම් අදාල සමාගම් විසින් කොමිස් මුදල් පෙන්වා ඔවුන්ට ව්‍යාපෘතිය ලබා ගැනිම්ට නිලධාරින්ට උගන්වා ඇති ආකාරයයි.

දැන් යථොක්ත උදහරණයේ සරල ගණිතමය සමිකරණය වෙත අවධානය යොමු කරමු.

ව්‍යාපෘතියේ ටෙන්ඩරයට දැමු වටිනකම - රු. 2,000,000
කොමිස් මුදල (10%) - රු. 200,000
සමාගමට ලැබෙන මුදල - රු. 1,800,000
උපකරණයට වියදම - රු. 110,000
සමාගමට ලැබෙන ආදායම - රු. 1,690,000

ආර්ථික විද්‍යාව ගැන යම්කිසි අවබොධයක් ඇති කෙනෙක්ට දැන් රටට සිදුවන දේ ගැන සිතගැනීමට පුලුවන. රටෙ සියලුම ව්‍යාපෘති මෙ අකරයෙන් සිදුවන බව ඔබ දන්නවද?

භයානකම තත්වය නම් රටෙ පවතින ව්‍යාපෘති වලින් 90%ම කරන සමාගම අබෞද්ධයින් සතු සමාගමක් බවයි. සිංහල බෞද්ධයින් මුදල් දී අන්‍යාගමීකරනය කරනු ලබන කාලෙක මොවුන් මේවා කරන්නේ රජයේම මුදල් වලින් බව මෙයින් පෙනෙ. පසු කලෙක හෝ තමන් කල වැරදි වලට දඬුවම් ලැබෙ යයි බියෙන් මෙම ආයතනය ලඟදි ජනතාවට කොටස් අලෙවිකර පොදු සමාගමක් බවට පත් විය. දැන් වැරදි කරුවන් ජනතාවය. අහෝ මෙවන් රටක්!

රු. 1,690,000 ශුද්ධ ලාභය ලෙස ලැබු එම සමාගම එ මුදල කාගේද යන්න මොහොතක් සිතුවාද? මෙවා එක එකාගෙ අම්ම අප්පගෙ බුදලෙන් දෙනු ලබන මුදල් නොවෙ. රාජ්‍ය භාන්ඩාගාරයෙන් නිකුත් කරනු ලබන මුදල්ය. මේ කොමිස් නමින් හොරකම් කරන මුදල් අපේම සල්ලි මිස පිටරට සමාගමට හෝ ලංකාවේ එජන්ත සමාගමට අයිති සල්ලි නොවන බව තෙරුම් ගත යුතුය.

එසේ නම් මේ සමාගම් නිලධරීන් හා ( සමහර ) දෙශපාලකයින් සමග එකතුව මෙ කාබාසිනියා කරන්නෙ අපෙ රටෙ සිටින දුප්පත් අහිංසක මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න තිබෙන මුදල් නොවෙයිද? එ එම මුදල්ය. මෙලෙස අහිංසක මිනිසුන් සතු මුදල් ගසාකන සොරකම් කරන්නවුන්ට දඬුවමක් ලැබිය යුතු නැද්ද? ලැබිය යුතුයි. මෙලෙස අයතා ක්‍රියා වල නිරත වු ( සමහර ) සොරුන්ට දඬුවම් ලැබි ඇත. එහෙත් බොහො පිරිසක් තවම නිදැල්ලෙය.

යම් කෙනෙක් පොදු දේපල පුද්ගලික ප්‍රයොජනයට ගතහොත් සදාකාලිකවම අඳුරෙ ගත කිරිමට හෙතු වනු ඇත. එනම් යස ඉසිරු තිබුනත් සිතට සැම විටම තමන් සොරෙක් බව සිතිම, මරනින් පසු අනිවර්යයෙන්ම පොදු දෙපල සොර ගැනිම, නුදුන් දෙය ගැනිම යනදි මේ හා සම්බන්ධ විශල වැරදි සංඛ්‍යාවකට නිරයෙ අනන්ත කල්ප කාලාන්තරයක් දුක් විඳිමට සිදුවනු ඇත.

අපි සැමදා විවේචන මිස විසඳුමක් ඉදිරිපත් නොකරන්නෙමු. නිලධාරීන් ප්‍රයොජනයට ගන්නෙද මෙයයි. "ඔගොල්ලො ඉතින් කියවනවා විතරයිනෙ. මෙවට විසඳුමක් යොජනා කරන්නෙ නෑනෙ". එනිසා අපි මෙහිදි විසඳුම් ඉදිරිපත් කරන්නෙමු.

1. ටෙන්ඩර් දැමිමෙදි එය ඉන්ජිනෙරු විෂයට අදාල නම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැන්නවුන් සම්බන්ධ කර ගැනීම

2. අන්තර්ජාලය භාවිතා කිරිමට නිලධාරීන්ට ඉගැන්වීම

3. ප්‍රසිද්ධ දෙශපාලකයින්ගේ නම් කියුවිට නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට සත පහකට ගනන් නොගන්නා ලෙස නියෝග කිරීම

4. අන්තර්ජාලය හරහා අවශ්‍ය නිෂ්පාදන සමාගම් සොයාගැනීම සහ කෙලින්ම ගනු දෙනු කිරීම

5. විනයක් ඇති යුධ හමුදා නිලධාරින් වැනි අයව ටෙන්ඩර් මණ්ඩල වලට දැමීම

මෙවා නැති කිරීමට අවංකව අවශ්‍ය නම් තව අදහස් පල කල හැක.

රට ජාතියට ආදරය කරන සිංහල බෞද්ධයා අරක්ෂා කරමි. සදා කල් ඔබ හැර නොයමි!

1 comment:

  1. ape podi unta danwath daham pasal waladiwath..ITHIHASAYA ugannanna one aniwaryenma..

    ehema koloth witharai

    apita heta dawasediwath RATATA AAADARAYAK thiyena, JATHIYA ta AGAMA ta ADARAYA karana..

    parpurak bihi karaganna puluwan wenne..

    edata oya prashna nathi wei..

    habai api danatamath pama wadi..

    heta idanwath ape hamuduru warunta metika therunoth athi.

    wade kiyanna boudda maha sammelane athuleth kristhiyani un innawa..buddagama winasa karanna.

    mama danna anti parak innawa..thirikuna male hamuduruwo kenek 1a.gani inne avissawelle,,,miniha polissiye DIG kenek.

    hamuduruwo masekata sarayak gedatta ona hama deyakma wahaneka ewanawa...

    mama ananthawath dakala thiyenawa e anti para boudda samelanaye issaraha putuwala innawa...

    mama me wistara danne e antige akka inne ape allapu gedara..e paulama katholika aya..(akkama thamai oya wisthare mata kiuwe..)

    thawa boudda katayuthu amathyanse th oya wage un innawa...

    mama egana danne ara anti parath 1 dawasak yanna una ethanta ...hamuduruwo kenegge ID 1 hadala denna....

    watai niyarai 2ma kubura kanawa :(

    ReplyDelete