වරක් මම ලංකාවේ ගොඩක් පාරවල් හදනව යනුවෙන් මගේ විදෙශීය මිතුරෙකු හා පැවසුවෙමි. ඔහු කීවෙ පාරවල් යනු පහසුවෙන්ම සොරකම් කිරීමෙ මාර්ගය කියාය. බටහිරයන් ලංකාව කෙරෙහි ඇති මතය නම් ඔනෑම දෙයක් සල්ලි යනුවෙනි. කොමිස්
දිමෙන් ඔනෑම දෙයක් කර ගත හැකි බව ඔවුන්ගෙ මතයයි. මෙය අපෙ සංස්කෘතියට උචිත
තත්වයක් නොවේ. මෙය වෙනස් කල යුතුය. මම ඔහු කියු දෙය ගැන පුදුම වන්නෙ මේ පිලිබඳව සොයා බැලීමෙදි සිදුවන මහා ධන විනාශය ගැන දැන ගැනීමට ලැබීමෙනි.
නිකන් ඉඳන් සල්ලි ගහනවට වඩා යමක් කර ගහන එක හොඳ බව සමාජයේ ප්‍රසිද්ධ කතාවකි. බැලූ බැල්මට වරදක් නැතුව මෙන් පෙනුනත් එය ඉතමත්ම වැරදි කතවකි. පොදු දේපල සොරකම යනු ( කොමිස් අයිති වෙන්නෙත් මෙකට තමයි ) දඬුවම් ලැබිය යුතු වරදකි.
මේවා පැමිණිලි කරනවා වෙනුවට මහජනතාවට වැඩ ඇත. එනිසා රජයේ නියොජිතයින්, පොලිසිය ආදි ආයතන මෙව ගැන සොයා බලා කටයුතු කල යුතුය. මේවා ගැන සොය බලන්න බුද්ධි අංශ මුලු රටේම යොදවා මෙවාට සම්බන්ධ වනවුන්ට දඬුවම් ලබා දිය යුතුය.
කවුරුහරි දෙශපලුවෙකුගෙ පුරාජෙරුවක් ගහන්න ආවොත් ඌට දෙගුනයක් දඬුවම් ලබා දිය යුතුය. එකෙක්ට දෙන්නෙක්ට ඔය වැඩෙ කලා නම් ඇමති පුතෙක්වත් තාත්තාගේ නම නොකියනු ඇත.
යථොක්ත මතෘකවාව යටතේ පාරවල් සෑදීමෙන් රටක් නගාසිටුවිය හැකිද? එසෙනම් නෙතෙක් සැදු පාරවල් වලින් අබමල් රේණුවක තරම් වත් ආදෙයමක් රටට ලැබී තිබිය යුතුය. එහෙත් එය එසේ නොවෙ. රටෙ නිශ්පාදන ඉහල ගොස් නැත.
මා සිතන පරිදි අපේ රට නගාසිටුවිය හැකි එකම ක්‍රමය නිශ්පාදන ඉහල දැමීම මිස වෙනකක් නොවෙ. දෙශීයව නිපදවිය හැකි සියලු දේ දේශීයව නිපදවිය යුතුය. විදේශ වලට අවශ්‍ය දෙශීයව නිපදවිය හැකි සියලු දෙ සොයා නිපදවිය යුතුය. ඒ සඳහා පිටරටවලින් අපට උපදෙස් දෙනු නොලැබේ.
ඒ මන්ද යත් ඔවුනට ඔවුන්ගේ රටවල් මිස අන් රටවල් සංවර්ධනය කිරිමේ මානසික අමරුවක් නැති නිසාය. එම නිසා රජය කලයුත්තේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙවැනි භාන්ඩ හා සේවා පිළිබඳව කරුණු සෝයා මේවා යුහුසුලුව සැදීමට පියවර ගැනීමයි.
රජයේ නිලදරීන් කොමිස් මුදල් විදෙශ සංචර සඳහා පුරුදු වී අති නිසා ඔවුන්ගෙන් මෙ සඳහා අවංක රුකුලක් ලැබෙ යැයි සිතිමට නොහැක. ( එහෙත් අවංක නිලධාරීන් සිටින බව පැවසිය යුතුය ).
එනිසා මෙම දෙශීය නිශ්පාධන ක්‍රියාවලිය රජයේ ඉහලම පුටුවෙන් පටන් ගත යුතු බවට මම යෝජන කරමි.
රට සංවර්ධනය කිරීමට අවංකව අවශ්‍යනම් එකම ක්‍රමය දෙශීය නිශ්පාදන රාජ්‍ය මැදිහත්විමෙන් වැඩි කර ගැනීමයි.
උදාහරණයක් කියන්නම්. ඇයි ලංකාවේ රුපවාහිනි යන්ත්‍ර නිපදවන්න බැරි? ඔය සමහරු කරන එකලස් කිරිම නොවෙයි. මුල සිට සියලු උපන්ග ලංකාවේ සැදිය හැක. ආයොජකයින් අවශ්‍ය නැත. සුලු මුදලක් යොදවා අවශ්‍ය යන්ත්‍ර ලගාගතහොත් එවායේ වැඩ කරන්න ඔන තරම් වැඩකරුවන් ලංකාවේ ඇත.
අවශ්‍ය සක්‍රීය රජ්‍ය මැදිහත්වීමයි.
No comments:
Post a Comment